වයිස්මාන්ගේ වාසනා වන්තයෝ...2...

Sunday, October 18, 2009

මෙය රිචඩ් වයිස්මාන් නම් පර්යේෂකයා විසින් ''වාසනාවේ විද්‍යත්මක පසු බිම'' පිළිබඳ කරන ලද පර්යේෂණයක ප්‍රතිපලය පිළිබඳ පලවූ ලිපියේ දෙවන අදියර ලෙස ඉදිරිපත් කරමි...

සිදුවීමක් දකින වෙනස් ආකාරය!!
වාසනාවන්තයින් හා අවාසනාවන්තයින් අතර වයිස්මාන් දුටු තවත් වෙනසක් වූයේ අවාසනාව මේ දෙපිරිස දකින වෙනස් ආකාරයයි.
වයිස් මාන මෙය පරීක්ෂා කර බැලීමට සිතුවේය.
වාසනාවන්තයා/අවාසනාවන්තයා දැන් සිටින්නේ බැංකුවක් තුළ යයි සිතන්න. හදිසියේම ආයුධ සන්නද්ධ කොල්ල කරුවෙක් බැංකුවට කඩාවදී.කොල්ල කරු මෙල්ල කිරීමට ආරක්ෂක නිලධාරීන් වෑයම් කරන අතරතුර හදිසියේම පිටවන වෙඩිල්ලක් ඔහුගේ උරහිසෙහි වැදී තුවාල වෙයි.
තුවාල කරු අවාසනාවන්තයකුනම් ඔහු සිතන්නෙ ''තමා බැංකුවේ සිටියදී මංකොල්ලයක් සිදුවීමත්, තුවාල ලැබීමත් තමාගේ නරක වෙලාවට/අවාසනාවට සිදුවූවක් බවයි.''
තුවාලකරු වාසනාවන්තයකුනම් ඔහු සිතන්නෙ ''හොඳ වෙලාවට උරහිසට වැදුනෙ, බැරිවෙලාවත් ඔලුවට එහෙම වැදුන නම්...''
මේ ආකාරයේ සිතුවිලි මිනිසුන් තුළ තමා වාසනාවන්තයකු යන හැඟීම ඇති කිරීමටත්, උසස් බලාපොරොත්තු ඉදිරියටද පවත්වා ගැනීමට ද රුකුල් දෙයි.

අවසාන ප්‍රතිඵලය...
වයිස්මාන් විසින් සිදුකරන ලද පර්යේෂනයේ ප්‍රථිපලයෙන් හෙලිවූයේ පුද්ගලයාගේ හැසිරීම සහ සිතුවිලි ඔහුගේ/ඇයගේ වාසනාව/අවාසනාවට කසේ කෙසේ බලපායිද යන්නයි.
මෙහිදී එකිනෙකා බැගින් සම්මුඛ පරීක්ෂණයට කැඳවා ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කලේය. ජීවිතයේ ප්‍රධාන අංශ 6ක් සම්බන්ධයෙන් ඔවුන්ගේ ආකල්ප පරීක්ෂා කරන ලදී. පසුව වයිස්මාන්, ඔවුන්ට ජීවිතයේ මීට වඩා හොඳ අවස්ථා උදාකර ගත හැකිව තිබූ හැටි, අවාසනාව ඉදිරියේ එයට වඩා සුබවාදීව හැසිරිය යුතු හැටි ආදී වාසනාවන්තයින්ගේ මූලධර්ම ඔවුන් එකිනෙකාට පහදා දුන්නේය. අවාසනාවන්තයෝ මේවා පිළිගෙන අත්හදා බැලීමට මසක කාලයක් ඉල්ලා සිටියහ.
ප්‍රථිලය විශ්මය ජනක විය!!!
80% පුද්ගලයෝ තම ජීවිත වඩාත් ප්‍රීතියෙන් හා තෘප්තියෙන් ගත කරමින් සිටියහ. ඔවුන්ගේ ජීවිත පෙරට වඩා වාසනාවන්ත වී තිබුනි.
එක් තැනැත්තියක් තව දුරටත් අවාසනාවන්තියක් ලෙස හැඳින් වීමට වයිස්මාන් හට නොහැකි වූයේ ඇය තම වාසනාව ගැන පමණක් සිතමින් සිටි නිසාය. දිනක් සාප්පු සවාරියේ යෙදී සිටියදී ඇය ඉතා ප්‍රිය කරන ඉතාම වටිනා ඇඳුමක් නෙත ගැටුනි. එදින එය මිලදී ගැනීමට නොහැකි වීමෙන් බලාපොරොත්තු කඩ වීම වෙනුවට, ඇය එම සාප්පුවේම තිබූ එයට වඩා සිත්ඇදගන්නා සුළු ඇඳුමක් තිබෙනු සොයා ගත්තාය. එය මුල් එකට වඩා මිලෙන්ද අඩු එකකි. මෙවැනි සිදුවීම් ඇය වඩා ප්‍රීතිමත් තැනැත්තියක් බවට පත්කර තිබිණි.

වාසනාව සහ අවාසනාව, සිතිවිලි හා හැසිරීම් මගින් මනාව පාලනය වන ආකාරය ඇගේ අත්දැකීමෙන් පෙනේ. වාසනාවේ බලය අප කාටත් ලබාගත හැකි දෙයක් බවට මෙය කදිම සාක්ෂියකි.

වයිස්මාන්ගේ වාසනා වන්තයෝ මැයෙන් පළ වූ මෙම ලිපිය මෙතෙකින් නිමා වේ. ඔබගේ අදහස් මා නිතැනින්ම
අපේක්ෂා කරන්නේ එය මාගේ ඉදිරි ගමනට බෙහෙවින් අත්වැලක් වන නිසාවෙන්මය.

නැවත හර බර ලිපියකින් ඔබ හමුවන තෙක් මෙහි එන/යන ඔබ සැමට වාසනාවෙන් පිරුණු හෙට දිනක් වේවා!!!!!

වයිස්මාන්ගේ වාසනා වන්තයෝ...

Wednesday, October 7, 2009


මේ කියන්න යන්නෙ නවකතාවක් හෝ කෙටි කතාවක් නම් නොවේ. මෙය රිචඩ් වයිස්මාන් නම් පර්යේෂකයා විසින් ''වාසනාවේ විද්‍යත්මක පසු බිම'' පිළිබඳ කරන ලද පර්යේෂණයක ප්‍රතිපලය පිළිබඳ පලවූ ලිපියක උපුටනයකි.

වාසනාව යනු අප සියළු දෙනාම බලා පොරොත්තු වන, එමෙන්ම සියල්ලන් සතු නොවන, පුදුම සහගත දේ කළ හැකි යයි විශ්වාස කරන, එය ලබා ගැනීමට ඔනෑම දෙයක් කිරීමට උත්සුක වන අපූරු බලයකි.




වාසනාවන්තයිනගේ කැපී පෙනෙන ජීවිතය.
අප ඇසුරු කරන ඇතැමුන් පැහැදිලිවම වාසනාවන්තයින් ලෙස පෙනීමත් අන්‍යන් එසේ නොවීමත් පිළිබඳ විද්‍යාත්මකව විමර්ශනය කිරීම සඳහා රිචඩ් වයිස්මාන් එම දෙකොටසම අයත් ස්වේච්ඡා සේවකයින් පිරිසක් ඇසුරු කළේය. වාසනා බලය පිළිබඳ ඔවුන් දෙපිරිසටම උපදෙස ලැබිණි. ඔවුන් ජීවිතයේ සෑම පියවරක්ම තාබා සිටි වයස අවු. 18-80ත් අතර ගැහැණු, පිරිමි දෙපත්ෂයේම අය වූහ. ඔහු මෙම පිරිස වසර 10ක පර්යේෂන කාලයකට ලක් කලේය.

ඔවුනතර සිටි වාසනාවන්තයින් තම ජීවිත ජයග්‍රහණය කරා ගෙනගොස් ඇත්තේ මූලික මූලධර්ම හෝ ප්‍රතිපත්ති සමූහයක් මත පිහිටා කටයුතු කිරීමෙන් බව ඉක්මනිනම සොයා ගැනීමට ඔහුට හැකිවිය. මෙම මූලධර්ම වූයේ වාසි සහගත අවස්ථා දැඩි ලෙස ග්‍රහණය කිරීම, අනාගතය පිළිබඳ ස්වයං සැලසුම් සුබවාදී ආකාරයට නිර්මාණය කර ගැනීම හා අවාසනාව තමා අසල විටත්, එයින් පීඩා විඳින විටත් තාත්විකත්වය ඉත සිතින් පිළිගෙන නැවත ඉතා ඉක්මනින් ප්‍රකෘත්ති තත්වයට පත්වීමයි.

වාසි සහගත අවස්තා දැඩි ලෙස ග්‍රහණය කිරීම.
වාසනාවන්තයින් හට එවැනි අවස්ථා නිරතුරුව හමුවෙයි, ලැබෙයි. අවාසනාවන්තයින් හට ඒවා නොදකියි, නොතකයි.
රිචඩි වයිස්මාන් එයට හේතුව සෙවීමට මෙම දෙපිරිස අතට එකම වර්ගයේ පුවත්පත් ලබා දී, එහි ඇතුලත පිටු වල පින්තූර කොපමන තිබේ දැයි සෙවීමට නියම කළේය. අවාසනාවන්තයින් මුලු පුවත්පතම පෙරළමින් මිනිත්තු කිහිපයක් වැය කළහ. එහෙත් වාසනා වන්තයින් ඒ සඳහා වැය කලේ තත්පර කීපයක් පමණි. ඒ මන්ද? එයට හේතුව දෙවන පිටු වේ ලොකු අකුරින් මෙසේ සටහන් කර තිබීමය. ''ගණන් කිරීම නවත්වන්න, මෙම පුවත්පතේ ඡායාරූප 43ක් තිබේ.'' එහෙත් එය දුටුවේ වාසනාවන්තයින් පමණි.
දෙවන අවස්ථාවේදී පර්යේෂකයා විසින් පළමු පිටුවේ මැද හරියේ පහත දැන්වීම ඇතුලත් කර දෙපිරස අතට ලබා දුන්නේය. ''ගණන් කිරීම නවත්වන්න. ඔබ මෙය දුටු බවත්, ඩොලර් 250ක් දිනාගත් බවත් පර්යේෂකයාට පවසන්න.'' අවාසනා වන්තයින්ට එයද මග හැරිනි.

අවාසනාවන්තයෝ වාසි සහගත අවස්තා නිතර මග හරිති. ඔවුන් අවශ්‍ය දෙය තිබියදී එය දැක දැක වෙනත් මොනාදෝ සොයයි. වාසනා වන්තයෝ තමන්ට අවැසි දේ වහා ග්‍රහණය කර ගනී.

මෙසේ සිතන්න,
ඔබ ඇපල් වත්තක් මධ්‍යයේ පැල්පතක ජීවත් වෙයි. සෑම දිනකම ඔබ විසින් ඇපල් කූඩයක් පුරවාගත යුතුය. මුලින්ම ඔබට පෙනෙන ඔනෑම දිශාවකින් ඇපල් කූඩය ඉතාම ලේසියෙන් පුරවාගත හැක. ඔබ ඇපල් වත්තක් මධ්‍යයේ ජීවත්වන නිසා නිතරම කූඩය පිරෙන්නේ ඒ අවට තිබෙන ඇපල් වලිනි. වත්තේ කෙලවරට වන්නට ඇති ගස්වල ඇපල් ඔබ නොදකී. කල්යත්ම වත්ත මැද ඇති ගස්වල ඇපල් හිඟ වේ. ඔබට කූඩය පෙර සේ පුරවාගැනීම අසීරු වේ. නමුත් ඔබ දිනපතාම ඇපල් වත්ත පුරා ඇවිද ඇපල් කැඩීමට පුරුදු වූවානම් ඔබට මෙම ගැටළුව මතු නොවේ. එසේ වූවා නම් ඔබේ කූඩය දිනපතාම ඇපල් වලින් පිරී තිබේ.

වාසනාව සම්බන්ධයෙන්ද මෙය එක සේ අදාළය.

මෙම පර්යේෂණය සම්බන්ධ තවත් ලිපියකින් හමුවෙමු. එතෙක් මෙම ලිපිය පිළිබඳ ඔබේ වටිනා අදහස් උදහස් දක්වීම මට මහත් සේ වැදගත්වේ..

පොඩි මහත්තයාගේ බ්ලොග් ආගමනය...

Thursday, September 24, 2009

මම මේ බ්ලොග් කෙරුවාවට අලුතින් එකතු වෙන්න හිතුවා. මුලින්ම මම බ්ලොග් කියවන්නයි පටන් ගත්තෙ.
ඉතික් ඉබේටම හිතුනා මගේම කියලා සටහනක් දාන්න ඕනෙ කියලා. ඒ විදිහට තමයි මේ කෙරුවාව පටන් ගත්තේ.
තාම පටන් ගත්තා විතරනේ. කියවන්න අය නැතුව මොනා දැම්මත් වැඩක් නෑනෙ.

පොඩි මහත්තයාගේ බ්ලොග් ආගමනය... ගැන හිතෙන දේ කියලා යන්න.