පොඩි මහත්තයත් කවි මඩුවට ගොඩ වදී....

Monday, May 10, 2010


ඕං කොල්ලනෙ කෙල්ලනේ, පොඩිමහත්තයත් හිතුවා කවි මඩුවට ගොඩ වදින්න ඕනයි කියල. පහු ගියකාලෙ හුඟාක් වැඩ තිබුනු හන්ද මේ පැත්ත ගැන විපරං කොරන්නත් බැරි උනා නෙව. වෙනසක් වෙලත් නෑ වගේ...

ආ.. කවි කියන කොටයි මතක් උනේ. පොඩි මහත්තයටනම් ඒ හැටි කවි කියන්න හැකියාවක් නෑ ඕං. පද 4ක් ගලපනවා කියන එකත් සෙල්ලං වැඩක් යැ.. හැබැයි ඉතිං ඇස් වහක් කටවහක් නෑ, මේ සිංහල බ්ලොග් අවකාසේ ඕන තරං කවි කාරයො කවිච්චියො, අප්පට සිරි වැරදුනා නේද බොලං, කවියො කිවිඳියො ඉන්නවා....
එහෙම කිවුවම හරිනේ.

මේ පැත්තකට වෙලා මඩ බාල්දියක් ගහල ඉන්නයි මං හිතං උන්නේ. ඒත් අලේ පබලු නගා ගේ බලවත් ඉල්ලීම පිට ඕං පොඩියත් ආවා කවි මඩුවට කවියක් දකක් ගැට ගහන්න කියල.

කඩේ පිලේ කවි මඩුවක් ගැන කසුකුසුවක් යනවා
සුප්‍රසිද්ද කවි කා‍රයො එහි එන බව කතා උනා
යන්නට ඕනා බලන්න මොකද්ද මේ මඩුව කියා
කවි කියන්ට කවි අහන්ට ගොඩ වදින්න ඔබත් එදා...

කොහෙමද පොඩ්ඩගෙ ගොරෝසු කවි, කවි කිවුවට කතාවක්ද මංද හි හි... කමක් නෑ මොකක් හරි, ඕං 13, 14, 15, 16, දවස් වලදි කවි මඩුවට ගොඩවැදිල හූවක් කියල සද්දයක් දාල යමු එහෙනම්....


ධනාත්මක චින්තනයෙන්ම පමණක් අරමුණු ජයගත හැකිද?

Saturday, January 30, 2010

දිගු නිහැ‌ඬියාවකට පසු නැවතත් ලිපියක් ලයන්නට යෙදුනි. දිගු කාලයක් අලුතින් යමක් එක් කිරීමට නොහැකි වීමට සිදුවූයෙ, ලියන්නට තරම් වූ යමක් සොයාගැනීමට අපහසුවීම හා, ලිවීමට කාලයක් නොවීම නිසයි. නමුත් කෙසේ හෝ එම බාධකද ජය ගෙන මෙම ලිපිය පළ කිරීමට ඉඩහසර සලසාගන්නා ලදී.

මෙහිපළවන්නෙ GO සඟරාවට "දිනිති අභයවර්ධන" විසින් සම්පාදනය කර තිබූ ලිපියක්. ධනාත්මක චින්තනය පිළිබඳව වූ හුදු මත බැහැර කරනු වස් මෙම ලිපියෙන් කතිකාවතක් ගොඩනගා ඇත.
*********************
මානසික සෞඛ්‍ය සංවර්ධනය කිරවීමට සිතුවිලි තුළ ධනාත්මක සහ සුභවාදී ආකල්ප ඇතිකිරීම මගින් කෙනෙකුට කළ නොහැක් යමක් නැතැයි සිත තුළ තුළ තැන්පත් කර එමගින් පුද්ගලයා දියුණුව කරා ගෙනයාම සිදුකරනු ලබයි. නමුත් එපමනකිනම කටයුත්තක් කළ හැකිද යන ගැටළුව බහෝ දෙනෙකුට තිබේ.
ධනාත්මක හෝ පෞරුෂ සංවර්ධනයට අනුව නම් සිතූ පමණින් තමන්ට කළහැකි දෙයක් නොවීමට කරුණු කිහිපයක් බලපායි. ඒඅනුව පළමුව තම පරමාර්ථය, සිතුවිල්ල, බලාපොරොත්තුව හෝ අරමුණ යහපත් එකක් විය යුතුය. විශේෂයෙන්ම පුද්ගලයකුට තම අරමුණු මුදුන් පමුනුවා ගැනීමට ඉහල මානසික මට්ටමක් තිබිය යුතුය. මුලිකම අඩිතාලම වන්නෙ එයයි. "yes I can" , "We can do it" වැනි ධනාත්මක වදන් පවසමින් කෑගැසූ පලියට තම අරමුනු කරා එළබිය නොහැකි බව පවසන්නවුන් එ පිලිබදව නොදන්නා අයයි. යාචකයකුට රටක ජනාධිපති වීමට හැකිද යන්න ගැටළුවකි. ඔහුට එම සිතුවිල්ල තිබූ පමනින් ඒ කරා එළබිය නොහැකි විය හැක. නමුත් පුදගලයකුගේ මනසික මට්ටම ඉහල ට්ටමකට ගෙන ඒම සඳහා නිතර නිතර 'මට පුළුවන්', 'yes I can' වැනි වදන් කයවීම, සිතීම බලපානු ඇතැයි මනෝවිද්‍යාඥන් පවසා තිබේ. නමුත් එය නිසියාකාරව පුහුණුවීම පිළිබඳ ගැටළුවක් වැඩිදෙනෙකුට පවතී.
අන්තිම දුගීව සිටි අයද ලොව දියුණු තත්වයට පත්වී ඇති බවට සාධක පවතී. එ සඳහා ඔවුන්ගෙ මානසික මට්ටම ඉහල තලයක තිබූ බව පර්යෙෂණ තුලින් සනාථ වී තිබෙ. මීට කදිම නිදසුනක් වන්නෙ හිටපු ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති වරයකු වූ එබ්‍රහමි ලින්කන් මහතාය.
ඔහු මුඩුක්කු පරිසරයක ඉපදුන දඩයක්කරුවකුගෙ පුතකු විය. ඔහුට රටේ ඉහල තැනකට යාමට අවශ්‍යතාවයක් තිබිණි. මෙහිදි පෙනෙනුයේ මෙවැනි මුඩුක්කු පරිසරයක හැදී වැඩුන කුඩා දරුවෙකුට එම රටේ ඉහල ස්ථානයකට යාම විශ්වාස කළ නොහැකි කරුණක් ලෙසය. නමුත් එම විශ්වාසය දැඩි ලෙස ඔහු තුල තිබින. නමුත් ඔහු රටේ ජනපති වීමට යයිම සිතා ක්‍රියා කලේ නැත. ඊට හේතුව එය තමන්ගේ සිත රවටාගැනීමක් වන නිසාය. නමුත් ඔහු තමන් කෙදිනක හෝ පළමු 'මහජන සේවකයා' වන බව සිතුවේය. පසු කලෙක කුලීකරුවකු වීම නිසා මහජන සේවකයකු වීම ඔහුට අපහසු නොවිනි. ඒතරමටම ඔහුට මහජන සේවකයකු වී කටයුතු කර පුරුද්දක් තිබිණි.
සාමාන්‍ය මිනිසුන් ගෙ පුරුද්දක් වන්නෙ තමාට කිසියම් අරමුණක් තිබේ නම් ඒ පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති වීමයි. නිදසුනක් ලෙස ඔබ ලබන වසරේ මෝටර් රථයක් මිලදී ගැනීමට සිතා සිටී නම් ඇතැමුන් ඔබෙන් ඒ පිළිබඳ විමසූ විට පිළිතුර වන්නෙ "එහෙම හිතාගෙන ඉන්නවා, ඒත් හරියටම කියන්න බෑ" ආදී වශයෙනි. මින් අදහස් වන්නේ එම අරමුණ කරා ගමන් කිරීමට කිසිදු විශ්වාසයක් ඔබ තුළ නොවන බවයි.
ඒ අනුව යාචකයකු වුවද කියව කියවා සිටීමෙන් ඵලක් නැත. ඒ සඳහා දැඩි විශ්වාසයක් තිබිය යුතුය. විශ්වාසය යනු සියල්ලම පණ ගන්වන ප්‍රධානම යන්ත්‍රයයි. ඔබ අවශ්‍ය ස්ථානය රැගෙන යාමට මෙය අත්‍යවශ්‍යම අංගයක් වේ. නමුත් එය පමණක් ප්‍රමාණවත් නොවේ. කැපවීම සහ ක්‍රියාත්මක වීමද ඒ අයුරින්ම තිබිය යුතුය. ඒ නිසා මේ සියල්ල එක හා සමානව තිබිය යුතුය. ක්‍රියාත්මක වීම නොමැති වුවහොත් බලය 0 කි. මේ නිසා අරමුණු ජය ගැනීමට මෙම අංග එක සමානව යා යුතුමය.
කෙනෙකුට ලඟාවිය නොහැකි යයි සිතන ලෝකයට අපි සිහිනයක් යයි කියමු. නිදසුනක් ලෙස මග තොටේ යන විට දකින මිල අධික සුඛෝපබෝගී රථයක් දුටු විට එය වර්ණනා කර එය තමාටනම් සිහිනයක් බව පවසයි. එසෙ සිතා එය තමාට සදාකාලික සිහිනයක් බව සිතෙ තැන්පත් කර ගනී. මෙවැනි සිතුවිලි බොහෝ සෙයින් සිතට කා වදින බව මනෝ විද්‍යාවට අනුව සොයා ගෙන ඇත. ඒ අනුව සිතුවිලි තුළ ඇති බලවත් බව නිසාම මෙවැනි සෘනාත්මක අසුභවාදී සිතුවිලි මගින් පුද්ගලයකු එම අරමුණු කරා ගෙන යාම වලකනු ලබයි. මේ නිසා සිහින මැවීම පමණක් ම ප්‍රමානවත් නොවේ. එය යහපත් එකක් නම් සිහිනය සැබෑ කර ගැනීමට දැඩි විශ්වාසයෙන් යුතුව කැප වී ක්‍රියා කළ යුතුය. කිසියම් අරමුණක් උදෙසා සිතේ ඇතිවන පළමු සිතුවිල්ල ඉතා බලවත් බව මින් පැහැදිලි කෙරේ. මේ නිසා එය නිසියාකාරව ක්‍රියාවට නැංවීම වැදගත් වේ. ඔබ ඔබේ අරමුණ කරා ක්‍රියාත්මක වීම දියාරු සිතුවිල්ලක් කර නොගත යුතුය. එනම් එබේ අරමුණ ලබන වසරේ මෝටර් රථයක් මිලදී ගැනීමට නම් සිතුවිල්ල ඇතිවූ මොහොතේ සිට ඒ සඳහා කැපවී ක්‍රියා කිරීම ඇරඹිය යුතුය. වැටුපෙන් සිථීර මුදලක් ඉතිරි කරීම, අමතර රාජකාරි වැඩ කර අමතර මුතලක් උපයා ගැනීම, තමා කරන රාජකාරියට අමතර මුදල් ඉපයීමක් සිදුකිරීම යනාදි ක්‍රම ඇසුරින් ඒ සඳහා කැපවී ක්‍රියා කළ යුතුය. ඒ සඳහා නොසැලී මානසික ඒකාග්‍රතාවයකින් කටයුතු කළ යුතුය.
තමාට ඇති අභියෝග කෙතරම් භයානක ඒවා වුවද තමා කෙසේ හෝ ඒවා ජය ගන්නා බව සිතමින් එම සිතුවිල්ල කිසිදු වෙනසකට භාජනය නොකර එහිම එල්බ ගෙන සිටීමේ හැකියාව තිබිය යුතුය. හිටපු ඇමරිකානු ජනාධිපති එබ්‍රහම් ලින්කන් මහතාද ජනාධිපතිවරයෙක් වීමට පෙර බොහෝ වාර ගණනක් පරාජය වූ බව ඔබ දන්නවාද?.
ඒ තරම් උත්සහය ලද අයකු ජනපති කෙනෙකු වූවා නම් ඔබේ අරමුණ කරා යාම එතරම් අපහසු නැති බව සිතිය යුතුය. නිතරම මෙවැනි සුභවාදී ආකල්ප සහිතව 'මට පුළුවන්' යන හැඟීම පෙරදැරිව කටයුතු කිරීම වැදගත් බව කියැවෙන්නෙ මේ නිසාය. ඔහු තමා ලැබූ පරාජය තුලින් ජයග්‍රහණයට අවශ්‍ය පන්ණරය ලබා තිබිනි.
තවත් වැදගත් කරැණක් වන්නෙ තමාට නිවැරදි ස්වයං තීරණ ගැනීමේ හැකියාවයි. තමා කුමන හෝ අරමුණක් කරා ගමන් කිරීමේදී අවට සිටින පිරිස ඒ පිළිබඳ අනාවැකි පළ කිරීම සාමාන්‍ය සිදුවීමකි. "ඕක කරන්න පුළුවන් වෙයිද?", "ඕක හරිම අමාරු වැඩක්", "මෙක ඔයාට ගැලපෙන්නෙ නෑ" ආදී වශයෙන් විවිධ අදහස් පළ කරයි.
තමාගෙ අරමුණේ සිතුවිල්ලේ වටිනාකම තමා විසින්ම වටහා ගන්න. ඔබේ සිතුවිල්ලේ වටිනාකම බාහිර සමාජයට තක්සේරු කිරීමට ඉඩ නොදෙන්න. නමුත් මේ සියල්ල ඒ අයුරින්ම ක්‍රියාවට නංවා කටයුතු කළද තම අරමුණ ඒ අයුරින්ම ඉටු කර ගැනීමට අසමත් වුවහොත් එතැනින ජීවිතයේ සියල්ල හමාර යයි සිතීම පළමු වරදය. එවැනි අවස්ථාවක ලෝකයා දුෂ්ඨය, සියල්ල හමාර විය ආදී වශයෙන් ලෝකයාට දොස් නැගීම ඉතාම නිෂ්ඵල කටයුත්තකි. තමාට අවශ්‍ය මාර්ගය වැසී ගියද ඒ හරහා හෝ වෙනත් පැතිකඩකින් යා හැකි මාර්ග ඕනෑ තරම් විවෘත්තව ඇති බව වටහාගන්න. කළ යුත්තේ එක් අරමුණක එල්බගෙන ක්‍රියා කර එය විනාශ වූ පමණින් තමන්ද විනාශවීම නොවන බව ඔබ තේරුම්ගත යුතුය.
සිතුවිල්ල තුළින් පමණක් තමා නිතර නිතර ඒ පිළිබඳ මෙනෙහි මන්ත්‍රයක් මෙන් එය කියවීමෙන්ද ඒ අරමුණ කරා යාමට යම් ජවයක් ලැබෙන බව මනෝවිද්‍යාත්මකව සොයාගෙන ඇත. මේ නිසා වැදගත් වන්නේ තමන්ගේ අරමුණ ජය ගැනීම සඳහා නිසියාකාරව කටයුතු කිරීමයි. ධන චින්තනයට අනුව හෝ සුබවාදී ආකල්පයන්ට අනුව අරමුණක් ජය ගැනීමට 'මට පුළුවන්' යන හැඟීම පමණක් ප්‍රමාණවත් නොවන බව නම් සත්‍යයක් බව පිළිගත යුතුය.

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් දැක්වීම මම මහත් සේ දිරිගන්වන්න කරුණක් වේ.
තවත් ලිපියකින් ඔබ හමුවන තෙක් ඔබට වාසනාවන්ත අනාගතයක්....