හිඩැස

Saturday, January 21, 2012

මගෙ හදවත සම්පූර්නෙන්ම පිරිලයි තිබුනෙ
ඒත් උඹ හදවතේ ලොකු හිඩැසක් හදාගන ඒකට රිංගුව 
උඹ හදවත හාරනකොට මම හිතුවෙ නෑ ඒක මෙහෙම හිස්වේවි කියල

උඹ ලොකු හිඩැසක් තියල යන්න ගියාම එතන වෙච්ච අඩුව පුරවන්න
මහා කුණාටුවක් ඇති වුනා... ඒ කුණාටුවට අහුවෙච්ච මගේ සේරම දේපොළ මටම නැතිවුනා...,

රික්තය නිසා පීඩන අවපාතයකට ගොදුරු වුන මම....

තනිකමට 1.

තට්ටතනියම හිටියකාලෙවත් මෙහෙම දැනුන්නෑ
අද උඹ මා ලඟ නැතිව දැනෙන පාළුව මකන්න මුලු ෆේස්බුකියටම බෑ
උඹ යන්න ගියාට, උඹව නවත්තන්න උත්සාහ නොකරපු මම
අද උඹ නැවතුනානම් කියල සිය සැරේට හිතනවා....

ඒ උඹව තියාගන්න මට උවමනාවක් නොතිබ්බට මට ඕන වුන නිසා...