කලක් ඇවෑමෙන්

Wednesday, December 21, 2011

පොඩි මහත්තයගෙ සිතුවිලි නිම්නය,
දැන් නම් මතක නැතුව ඇති. කමක් නෑ. හිතළු සටහන මතක තියාගන්න.
මේ පොඩි මහත්තය අකුරු කරන පරණ තැනම අලුත් නවාතැන.
අවුරුද්දකටත් වැඩි කාලයකට පස්සෙ මෙතනට එන්න හිතුන. මගෙ සිතුවිලි මගේම තැනක පල කරන්න උවමනා නිසා. පොඩි මහත්තය (මම) තමංගෙම නවාතැනට ආපහු ආව. හිතේ ඇති වුන හිතළු වල ඉදල බොහෝමයක් දේ. දැනුම විනෝදය හාස්‍ය... මේ හැම දෙයක්ම එකතු කරගන පොඩි මහත්තයට යලිත් බ්ලොග් අවකාශයේ ස්වාධීන ක්‍රීඩකයෙක් වෙන්න ආස හිතුන.

එතකොට මම කොහෙද පහුගිය කාලෙ හිටියෙ. මම හිටියෙ මෙන්න මෙතන අක්ෂර අකුරු කරපු ගොන්නෙ තවත් එකෙක් විදියට. තවමත් එතන ඉන්නවා. 

අන්තර්ජාලය හරි අපූරු නවාතැනක්. සිතුවිලි වලට නිදහසේ සැරිසරන්න ඉඩ දෙන්න පුලුවන් නවාතැනක්. අපේම තැනක්. අනුංගෙ තැනුත් අපේ වෙච්ච හරිම අමුතු තැනක්. ඒ අවකාශයේ අපේම හිතළු වලට ප්‍රකාශ මාධ්‍යක් සපයනව. නොමිලයේම.

මේක කාලයක්ම දූවිල්ලෙන් වැහිල යට වෙලා දිරාපත් වෙලා තිබුන තැනක්. අලුතින් පාට ගාල ලස්සන කරල ගන්න තමයි උත්සාහය. හරියට මගෙ හිත වගේම.

පොඩ්ඩ කලිං ලියපු ලිපි කීපයක් මෙකේ තවම තියනව. බලන්න පුලුවන් මෙතනින්.


1.වයිස්මාන්ගේ වාසනාවන්තයෝ 1
2.වයිස්මාන් ගේ වාසනාවන්තයො 2
3.ධනාත්මක චින්තනයෙන් පමනක් අරමුණු ජයගත හැකිද?