පොඩි මහත්තයත් කවි මඩුවට ගොඩ වදී....

Monday, May 10, 2010


ඕං කොල්ලනෙ කෙල්ලනේ, පොඩිමහත්තයත් හිතුවා කවි මඩුවට ගොඩ වදින්න ඕනයි කියල. පහු ගියකාලෙ හුඟාක් වැඩ තිබුනු හන්ද මේ පැත්ත ගැන විපරං කොරන්නත් බැරි උනා නෙව. වෙනසක් වෙලත් නෑ වගේ...

ආ.. කවි කියන කොටයි මතක් උනේ. පොඩි මහත්තයටනම් ඒ හැටි කවි කියන්න හැකියාවක් නෑ ඕං. පද 4ක් ගලපනවා කියන එකත් සෙල්ලං වැඩක් යැ.. හැබැයි ඉතිං ඇස් වහක් කටවහක් නෑ, මේ සිංහල බ්ලොග් අවකාසේ ඕන තරං කවි කාරයො කවිච්චියො, අප්පට සිරි වැරදුනා නේද බොලං, කවියො කිවිඳියො ඉන්නවා....
එහෙම කිවුවම හරිනේ.

මේ පැත්තකට වෙලා මඩ බාල්දියක් ගහල ඉන්නයි මං හිතං උන්නේ. ඒත් අලේ පබලු නගා ගේ බලවත් ඉල්ලීම පිට ඕං පොඩියත් ආවා කවි මඩුවට කවියක් දකක් ගැට ගහන්න කියල.

කඩේ පිලේ කවි මඩුවක් ගැන කසුකුසුවක් යනවා
සුප්‍රසිද්ද කවි කා‍රයො එහි එන බව කතා උනා
යන්නට ඕනා බලන්න මොකද්ද මේ මඩුව කියා
කවි කියන්ට කවි අහන්ට ගොඩ වදින්න ඔබත් එදා...

කොහෙමද පොඩ්ඩගෙ ගොරෝසු කවි, කවි කිවුවට කතාවක්ද මංද හි හි... කමක් නෑ මොකක් හරි, ඕං 13, 14, 15, 16, දවස් වලදි කවි මඩුවට ගොඩවැදිල හූවක් කියල සද්දයක් දාල යමු එහෙනම්....


7 සිතුවිලි:

ගීත් (සහෘදයා) said...

වෙල් කම් වෙල් කම් වෙල් කම් පොඩි මහත්තයා
වෙල් කම් වෙල් කම් වෙල් කම් පොඩි මහත්තයා
වෙල් කම් වෙල් කම් වෙල් කම් පොඩි මහත්තයා
වෙලේ ඉන්න කම්මැලිනම් මඩුවට වර මහත්තයා

Unknown said...

එන්නම් එන්නම් ඔයපැත්තේ මං
වෙල්කම් කෙරුවට ස්තූතයි ගීත්

චතුවා said...

පොඩ්ඩයියා... එළකිරි ආ... අපි බලමු පොඩ්ඩයියාගේ සිතුවිලි ගඟුල එහෙනම්.. සුබ පැතුම්!

Praසන්ன said...

ලියමු, ලියමු. අපි ඉන්නව කියවන්න.

Anonymous said...

හොද කවි ටිකක අහන්න පුලුවන් වෙයි වගේ.

පබලු said...

එන්න එන්න අපිත් එනවා කවි ලියන්න ...

Unknown said...

හනේ හැමෝටම ස්තූතියි ඕං...එහෙනම් අපි කවි මඩුවට ගොඩ වෙමු.....

Post a Comment