වයිස්මාන්ගේ වාසනා වන්තයෝ...

Wednesday, October 7, 2009


මේ කියන්න යන්නෙ නවකතාවක් හෝ කෙටි කතාවක් නම් නොවේ. මෙය රිචඩ් වයිස්මාන් නම් පර්යේෂකයා විසින් ''වාසනාවේ විද්‍යත්මක පසු බිම'' පිළිබඳ කරන ලද පර්යේෂණයක ප්‍රතිපලය පිළිබඳ පලවූ ලිපියක උපුටනයකි.

වාසනාව යනු අප සියළු දෙනාම බලා පොරොත්තු වන, එමෙන්ම සියල්ලන් සතු නොවන, පුදුම සහගත දේ කළ හැකි යයි විශ්වාස කරන, එය ලබා ගැනීමට ඔනෑම දෙයක් කිරීමට උත්සුක වන අපූරු බලයකි.




වාසනාවන්තයිනගේ කැපී පෙනෙන ජීවිතය.
අප ඇසුරු කරන ඇතැමුන් පැහැදිලිවම වාසනාවන්තයින් ලෙස පෙනීමත් අන්‍යන් එසේ නොවීමත් පිළිබඳ විද්‍යාත්මකව විමර්ශනය කිරීම සඳහා රිචඩ් වයිස්මාන් එම දෙකොටසම අයත් ස්වේච්ඡා සේවකයින් පිරිසක් ඇසුරු කළේය. වාසනා බලය පිළිබඳ ඔවුන් දෙපිරිසටම උපදෙස ලැබිණි. ඔවුන් ජීවිතයේ සෑම පියවරක්ම තාබා සිටි වයස අවු. 18-80ත් අතර ගැහැණු, පිරිමි දෙපත්ෂයේම අය වූහ. ඔහු මෙම පිරිස වසර 10ක පර්යේෂන කාලයකට ලක් කලේය.

ඔවුනතර සිටි වාසනාවන්තයින් තම ජීවිත ජයග්‍රහණය කරා ගෙනගොස් ඇත්තේ මූලික මූලධර්ම හෝ ප්‍රතිපත්ති සමූහයක් මත පිහිටා කටයුතු කිරීමෙන් බව ඉක්මනිනම සොයා ගැනීමට ඔහුට හැකිවිය. මෙම මූලධර්ම වූයේ වාසි සහගත අවස්ථා දැඩි ලෙස ග්‍රහණය කිරීම, අනාගතය පිළිබඳ ස්වයං සැලසුම් සුබවාදී ආකාරයට නිර්මාණය කර ගැනීම හා අවාසනාව තමා අසල විටත්, එයින් පීඩා විඳින විටත් තාත්විකත්වය ඉත සිතින් පිළිගෙන නැවත ඉතා ඉක්මනින් ප්‍රකෘත්ති තත්වයට පත්වීමයි.

වාසි සහගත අවස්තා දැඩි ලෙස ග්‍රහණය කිරීම.
වාසනාවන්තයින් හට එවැනි අවස්ථා නිරතුරුව හමුවෙයි, ලැබෙයි. අවාසනාවන්තයින් හට ඒවා නොදකියි, නොතකයි.
රිචඩි වයිස්මාන් එයට හේතුව සෙවීමට මෙම දෙපිරිස අතට එකම වර්ගයේ පුවත්පත් ලබා දී, එහි ඇතුලත පිටු වල පින්තූර කොපමන තිබේ දැයි සෙවීමට නියම කළේය. අවාසනාවන්තයින් මුලු පුවත්පතම පෙරළමින් මිනිත්තු කිහිපයක් වැය කළහ. එහෙත් වාසනා වන්තයින් ඒ සඳහා වැය කලේ තත්පර කීපයක් පමණි. ඒ මන්ද? එයට හේතුව දෙවන පිටු වේ ලොකු අකුරින් මෙසේ සටහන් කර තිබීමය. ''ගණන් කිරීම නවත්වන්න, මෙම පුවත්පතේ ඡායාරූප 43ක් තිබේ.'' එහෙත් එය දුටුවේ වාසනාවන්තයින් පමණි.
දෙවන අවස්ථාවේදී පර්යේෂකයා විසින් පළමු පිටුවේ මැද හරියේ පහත දැන්වීම ඇතුලත් කර දෙපිරස අතට ලබා දුන්නේය. ''ගණන් කිරීම නවත්වන්න. ඔබ මෙය දුටු බවත්, ඩොලර් 250ක් දිනාගත් බවත් පර්යේෂකයාට පවසන්න.'' අවාසනා වන්තයින්ට එයද මග හැරිනි.

අවාසනාවන්තයෝ වාසි සහගත අවස්තා නිතර මග හරිති. ඔවුන් අවශ්‍ය දෙය තිබියදී එය දැක දැක වෙනත් මොනාදෝ සොයයි. වාසනා වන්තයෝ තමන්ට අවැසි දේ වහා ග්‍රහණය කර ගනී.

මෙසේ සිතන්න,
ඔබ ඇපල් වත්තක් මධ්‍යයේ පැල්පතක ජීවත් වෙයි. සෑම දිනකම ඔබ විසින් ඇපල් කූඩයක් පුරවාගත යුතුය. මුලින්ම ඔබට පෙනෙන ඔනෑම දිශාවකින් ඇපල් කූඩය ඉතාම ලේසියෙන් පුරවාගත හැක. ඔබ ඇපල් වත්තක් මධ්‍යයේ ජීවත්වන නිසා නිතරම කූඩය පිරෙන්නේ ඒ අවට තිබෙන ඇපල් වලිනි. වත්තේ කෙලවරට වන්නට ඇති ගස්වල ඇපල් ඔබ නොදකී. කල්යත්ම වත්ත මැද ඇති ගස්වල ඇපල් හිඟ වේ. ඔබට කූඩය පෙර සේ පුරවාගැනීම අසීරු වේ. නමුත් ඔබ දිනපතාම ඇපල් වත්ත පුරා ඇවිද ඇපල් කැඩීමට පුරුදු වූවානම් ඔබට මෙම ගැටළුව මතු නොවේ. එසේ වූවා නම් ඔබේ කූඩය දිනපතාම ඇපල් වලින් පිරී තිබේ.

වාසනාව සම්බන්ධයෙන්ද මෙය එක සේ අදාළය.

මෙම පර්යේෂණය සම්බන්ධ තවත් ලිපියකින් හමුවෙමු. එතෙක් මෙම ලිපිය පිළිබඳ ඔබේ වටිනා අදහස් උදහස් දක්වීම මට මහත් සේ වැදගත්වේ..

7 සිතුවිලි:

Chrishi said...

ඇපල් කථාව නම් නියමයි !! ඒත් එක ගොඩක් අයට තේරෙන්න කල් යනවා එක තමයි ප්‍රශ්ණය.

All The Best For Your Blog

Unknown said...

@crishi
හම්..ඒකත් ඒ වාර්ථාවෙම තිබ්බ එකක් තමයි..
ස්තූතියි අදහස් දැක්වූවාට.

මිනූ said...

අපූරු අදහස් ගොන්නක්....

මම හිතන විදියට වාසනාව කියන්නේ අපිට ලැබෙන දෙයකට වඩා අපි විසින් සොයාගතයුතු දෙයක් කියලයි....

කොහොම නමුත් ලියල තියන විදියනම් සරලයි.තේරුම් ගත හැකියි

Unknown said...

@doly
Thank you vary much..

වැප් said...

මම කොපමණ වාසනාවන්තද කිව්වොත්, මට මේ ලිපය කියවීමට වාසනව ලැබුණි!

පබලු said...

puvath pathe vasanaava nam apurui..atha laga thiyan vasanava nodakina avshtha koitharam thiyanavada ..
digatama liyanna....

Unknown said...

@වෙප්
වාසනාවන්තයෙක් උනාම එහෙම තමයි. ස්තූතියි අදහස් දැක්වීමට

@පබලු
ස්තූතියි අදහස් දැක්වූවාට.

Post a Comment