මා දුටු ජෝන් ගේ සත්තුවත්ත

Wednesday, February 22, 2012

ජෝන් ගේ සත්තු වත්ත. මොකද්ද මේ සත්තුවත්ත? පොඩි මහත්තය ඒ ගමන සත්තු ගැනත් ලියන්න පටං අරංද??.. නැහැ. එහෙම නෙමෙයි. ජෝන් ගේ සත්තු වත්ත කියන්නෙ නාට්‍යක්. ප්‍රහසන නාට්‍යක්. විටෙක එය ගැඹුරු යථාර්තයක්. හොඳයි. ජොන්ගෙ සත්තු වත්ත මම දැකපු විදිය ගැන කියන්නයි මේ උත්සාහය. මෙය මට සාපේක්ෂ දෘෂ්ඨිකෝණයක් බැවින් එයට පරස්පරවිරෝධි මෙන්ම එකඟ අදහස් දැරීම ඔබේ නිදහස. මෙය හුදෙක් විචාරයක් පමණි.


ජොන්ගේ සත්තු වත්ත.
කැළණිය සරසවියේ Academic Players කණ්ඩායමේ නිර්මාණයක් වන මෙම කතාවේ අධ්‍යක්ෂක ගයාන් රන්ධීර මහතායි. සමාජයේ ස්ථර දෙකක් විනිවිද දැකීමේ ප්‍රයත්නයක් ලෙස ජෝන්ගේ සත්තුවත්ත හඳුන්වාදිය හැකියි.


මෙම නාටකයේ පදනමේ ප්‍රධාන චරිත දෙකක් හඳුනාගත හැකියි. එකක් ජෝන්. අනික ලෙනින්. (අපි දන්න මහා රුසියානුව නෙමෙයි. වෙන ලංකාවෙ ලෙනින් කෙනෙක්.)




මම දුටු ජෝන්.
රස්තියාදුකාරයෙක්.
හිඟන්නෙක්.
සමාජෙයෙන් ගණන් නොගන්නා චරිතයක්.
තමන් සන්තකේටම කිසිම දෙයක් නැති ඒ නිසාම රැකගන්න දෙයක් නැති මනුස්සයෙක්.
පිස්සෙක්.

මම දුටු ලෙනින්.

විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන වැදගත් මහත්මයෙක්.
පවුලක් හිමි සමාජයේ තැනක් හිමි චරිතයක්
තමන්ටම කියා බොහෝ දේ ඇති. ඒ නිසාම රැකගැන්මට දෙයක් ඇති මනුස්සයෙක්


හොඳයි අපි දැන් චරිද දෙකේ පසුබිම ගැන දළ අවබොධයක් ලැබීමු.
ඒ මම දුටු චරිතයන්. නමුත් මා අවබොධ කොටගත් චරිතයන් ඊට වෙනස්. ඒ මේ ආකාරයෙන්....


ජෝන් යනු හුදු රස්තියාදුකාරයෙක්. ඔහුට ගමක් නොතිබුනත්, ලෝකයක් තිබුන. ඔහුට ඕනැ වුනා තමන්ගෙ හිතේ තියන කතාව මහත්මයෙකුට කියන්න. ඒ සඳහා ජෝන්ට හම්බුනේ උද්‍යානයේ බංකුවක් මත හිඳගෙන් සිටි ලෙනින් මහත්මයා. ජෝන්ට ඕන වුනා තමන් ගිය සත්තුවත්තෙ චාරිකාව ගැන විස්තර කතා කරන්න. ඔහු කතාව කියන්න පටං ගන්නෙ ඒ විදියට. ලෙනින් සවන්දෙන්නා.


ජෝන් විසින් තමන්ව හෙලිදරව් කරන්නට පටන් ගත්තා. එසේ නැත්නම්, ජෝන් විසින් ලෙනින් විනිවිද දකිමින් සිටියා. එසේත් නැත්නම් මෙසේ හැඳින්විය හැකියි. ලෙනින් නමැති මහත්මයා තුල සිටි ජෝන් නමැති රස්තියාදුකාරයා වේදිකාව මත රංගනයක යෙදුනා.




එනම් මා දකින ජෝන්
නිදහස් චරිතයක්.
තමන් සතු සුලු දේටත් තමන්ට සාපේක්ෂව ඉහල වටිනාකමක් දුන් අයෙක්.
සමාජයෙන් සැඟවීමට උත්සාහ දරනමුත් යතාර්ථය නමැති චරිතය.
රැක ගන්නට කිසිත් නැති නිසාම විවෘත් නිදහස් පුද්ලයෙක්


මා දකින ලෙනින්
තමන්ගෙම සිරගෙදරක සිරවුන චරිතයක්
තමන් සතුව මහා විශාල දේ ඇති බැවින් සුලු දේ ගැන නොතකන අයෙක්
සමාජයට බිය නිසාම සිතැඟී සැඟවූ අයෙක්.
රැකගන්නට නම්බුව නමැති යමක් ඇති නිසාම සිරකාරයෙක්.
සරලවම පිස්සෙක්.


ඉතින් මම දකින ලෙනින් කියන්නෙ අපිට. ජෝන් කියන්නෙ අපි විසින් මරාදැමුනු අපේ නිදහස්කාමියා.
මේ ගැන විග්‍රහත්මකව වැඩිදුර දැනගන්න. ජෝන්ගෙ සත්තුවත්ත නරඹන්නම ඕන. ආය කවද හරි කොතන හරි පෙන්නුවොත් නොවරදවාම බලන්න.


මම මෙහි නාට්‍යයේ කතා සාරය ඉදිරිපත් කරන්නට නොයෙමි. මන්ද මෙම ලිපිය කියවන ඔබ එය නරඹා නැතුවා විය හැක. එසේම එහි නිර්මාපකයන්ට එයින් හානියක් විය හැකි බැවින්.


අප හැමදෙනා තුලම දෙදෙනකු සිටිනවා. එකෙක් ජෝන් වැනි රස්තියාදුකාරයෙක්. අනෙකා ලෙනින් වැනි මහත්මයෙක්. අප විසින් සමාජය හමුවේ ප්‍රකටකරන්නෙ මින් එක් චරිතයක්. අනෙකා අපවිසින් මරාදමනවා. එය සමාජය හමුවෙ නිර්මාණාත්මකව ජෝන්ගෙ සත්තුවත්ත පෙන්නනවා....

3 සිතුවිලි:

Anonymous said...

ya thats true .. this is a real story!! patta pata pata...
what a wonderful world!!

Madhawa said...

මට හිතෙන්නේ අපි මේ චරිත දෙක අතර ඔහේ දෝලනය වන අය කියලයි..... මට බලන්න බැරි උනත් බලපු අය කිව්ව විදිහට ඉතා හොද නාට්‍යයයක්.

Pradeep Gunarathna said...

මටත් හිතෙනවා මේ චරිත දෙක අපි තුල තියෙන අන්ත දෙක කියලා. ඒ වුනාට අර මුලදි ආපු 4 දෙනාගෙයි නාට්‍යයෙයි සම්බන්ධයක් මම දැක්කෙ නෑ. අනික දෙමළ චරිතය වෙන කෙනෙක් රගපෑවනම් හොදයි...

Post a Comment