මං මේ කියන්න යන්නෙ මගේ හිතට දැනුන දෙයක් ගැන. ඇත්තම කිවුවොත් කාටත් වගේ ආදරය කියල සංශිප්තව කියමුකො.
ආදරය කියන හැඟිම ගැන කතා කරන්න පුද්ගලිකව මං අකමැතියි.මොකද හුඟාක් අය ඔක ගැන කතා කරනවානෙ. ඒත් මේ අවස්තාවෙදි මත් මේ මාතෘකාව යටතේ වචන ස්වල්පයක් ඔබ හමුවේ තියනවා.

ඉතිං හුඟාක් අය ආදරය යටතේ කතා බහ කරන්නෙ වැඩිපුරම මං අන්තිමට කියපු කෙල්ලො කොල්ලො අතර සිදුවන ආදරය ගැන.
ආදරය කියන්නෙ මිනිස් හැඟීමක් නිසා ඒක මිනිසාට අවශ්‍යයි. ඇත්තටම කිවුවොත් මිනිසාට පමණක් සීමා නොවුණ හැම ජීවියෙක්ම සතුවන විශ්වීය හැඟීමක් කියන එක තමයි වඩාත් නිවැරදි.
කෙනෙක් ජීවිතයට ආදරය අවශ්‍යද කියල ඇහුවොත් ඔබ මොකද්ද දෙන පිළිතුර? නිසැකවම 'ඔවු' එහෙම නේද.. කීප දෙනෙකුට 'නෑ' වෙන්නත් පුලුවන්. හැබැයි ඒ අයත් ජීවිතයෙ කාගෙන්ම හරි ආදරයක් ලබල ඇති.
දෙමාපියන් තමන්ගෙ දරුවන්ට දක්වන ආදරයත් තරුණ කාලෙට ඇතිවන ආදරයයි අතර වෙනසක් තියෙනවා.
තරුණ වියේදි අපි ආදරය හොයා යනවද? නැත්තම් ආදරය අපිව හොයාගෙන එනවද? කිවුවත් වගෙ ''මේක වයසෙ වැරැද්දක්ද.'' පුංචි කාලෙදි මේ හැඟිම ගැන ලොකු වැටහීමක් නෑනෙ. ඉතිං අපිට කිසිම වෙනසක් දැනෙන්නෙ නෑ. ඒත් ටික ටික ලොකුවෙද්දි අපි විවිධ දේවලට ආදරේ කරන්න ගන්නවා, හුදෙක් එක ආලයක්. ඒ කියන්නේ ඒ දේවල් තමංගෙ කර ගන්න දක්වන ආශාවක්.. ඔන්න ඔය විදියට ඇරඹෙන ආදරය අන්තිමට විරුද්ධ ලිංගික පාර්ශවය කෙරෙහි යොමුවෙන්නේ ස්වාභාවිකව.
ඒ හැඟීම නියමාකාරව විස්තර කරන්න පුලුවන්ද? මට නම් බෑ.
එක එක අයව දැකල දැකල අන්තිම ඇහැ විශෙෂ කෙනෙක් එක්ක නතර වෙන්නෙ... නොදැනුවත්වමද...
නිතර එ කෙනාව දකින්න මුලින් ඇතිවන ආශාව... එතන ඉඳල විවිධ දේවල්......
අපි හැඟීම් පාලනය කළ යුතුද? මගේ තීරණය නම් ඔවු. අපිට බැහැ දකින දකින දේට ආදරය කරන්න. ආදරය කරන්න ගියාම ඒ දෙයට ඇතිවන ආශාව හමුවෙ 'නැතිවීම' දුකක් වන තැනට පත් වෙනවා. ඉතිං හමදේම නැති නොවුනට හැමදේම පවතින්නෙත් නෑනෙ. ආදරයත් ඒ වගේ කියලයි මට නම් හිතෙන්නෙ.